ලයනල් රන්වලයන්

,hk,a

rkaj,hka

ජන කලාවන් පෝෂණය කොට රැක ගැනීම සිය ජීවිත පරමාර්ථය කර ගත් ගෞරවනීය ශ‍්‍රී ලාංකිකයෙකි, ලයනල් රන්වලයන්.
එතුමාගේ ගමන් මගේ සංධිස්ථාන කිහිපයකි මේ.
උපන්නේ 1939 නොවැම්බර් 27 වන දින
ගම කළුබෝවිල
අධ්‍යාපනය ලද පාසල් කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලය/ වැල්ලවත්තේ කුමර විද්‍යාලය / කොළඹ ලූම්බිණි විද්‍යාලය
දේවප‍්‍රිය අතුකෝරාල මහතාගෙන් පෙරදිග සංගීතය ඉගෙනීම
ඩබ්. බී. මකුලොළුව මහතාගෙන් ඉන්දියානු සංගීතයත්, ජන සංගීතයත්, පිළිබඳ දැනුම ලබා ගැනීම හා එතුමාගේ හෙළ මිහිර, හිරගෙයි මරුමුව, දෙපානෝ, ඇහුම් බැලූම්, පහනින් පහන යන ගීත නාට්‍යයන්ට වාදනයෙන්, ගායනයෙන්, රංගනයෙන් දායකත්වය සැපයීම.
ඩබ්. බී. මකුලොළුව මහතා සමඟ ගම් නියම් ගම් වල සැරිසරමින් 3000 කට අධික ජන ගී පටිගත කොට රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කිරීම.
1959 සංගීත ගුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබීම.
ඉගැන් වූ පාසල් ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලය / පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය මීගොඩ මහා විද්‍යාලය / කිරිඇල්ල මහා විද්‍යාලය /හෝමාගම මහා විද්‍යාලය / කොළඹ රාජකීය විද්‍යාලය / කොළඹ ආනන්ද විද්‍යාලය
1964 ප‍්‍රථම පාසල් පෙරදිග තූර්යවාදක කණ්ඩායම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තුළින් බිහි කිරීම.
1965 යුනෙස්කෝ සංවිධානය මගින් පවත්වන ලද දේශීය ගැයුම් වැයුම් හා නැටුම් තරගාවලියේ යාපනයේ පැවැත්වූ අවසාන මහා තරඟයෙන් පාසල් 42 පරදවා දේශීය තූර්ය සංවාදන අංශය ජයග‍්‍රහණය කිරීම.
1966 කුළුඳුල් නාට්‍ය නිෂ්පාදනය වන “නොගිය ගමන” වේදිකා නාට්‍යයට අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟයෙන් ජය හිමිවීම හා සම්මානයට පාත‍්‍ර වීම.
1
1

wfma lfï
ßoau /f.k
.ñka .ug
.sh wkaou

2
2

fy< .Sfha
rka i,l=K

3

fkdrgg o
furg
ßoauhka

3
4

fyf;u
ohdnr msfhla"
fifkfyjka;
iajdñ mqreIfhla

4
5
5

fõÈldfõ §
fid÷re
wd[dodhlfhla"
rx.k Ys,amsfhla

6
6

fkdrgg o
furg
ßoauhka

1967 ලංකා කලා මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නාට්‍ය 72 කින් විශිෂ්ටතම නාට්‍යට හිමි සම්මානය “එක ගෙඩියයි ඵල ගත්තේ” නාට්‍යයට හිමි වීම.
1969 කාලගෝල නාඩගම නිෂ්පාදනය
1970 ගැමි ජනතාව අතරට වේිදිකා නාට්‍ය ගෙනගොස් නොමිලේ රඟ දැක්වීම.
ඇහුම් බැලූම්, නම් මෙම වැඩසටහන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් කරන ලද්දකි.
1976 ඉන්දියාවේ පන්ජාබ් විශ්ව විද්‍යාලයේ පැවැත්වූ ”ගැමි රඟ මඩල” පිළිබඳ කාර්ය සැසියකට ලංකාව නියෝජනය කිරීම හා එහි නිෂ්පාදනයකට රංගනයෙන් දායකත්වය සැපයීම.
1977 “බීරි අලි”, සහ “වැඩිය කඩන නරක ළමයි” යන නාට්‍ය නිෂ්පාදනය කිරීම.
1984 ආනන්ද විද්‍යාලයීය නාට්‍ය සංගමය මූලිකත්වයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල් අතර කෙටි නාට්‍ය උළෙලක් ආරම්භ කිරීම.
1989 ප‍්‍රංශය හා ජර්මනියේ පැවති ළමා නාට්‍ය වැඩමුළුවලට සහභාගී වීම.
1995 ජන සංගීතය වෙනුවෙන් කළ මෙහෙය උදෙසා ප‍්‍රථම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම.
1997 ගුරු වෘත්තියෙන් විශ‍්‍රාම යෑම. පූර්ණ කාලීනව ජන සංගීත පර්යේෂකයෙකු දේශකයෙකු හා නිර්මාණ ශිල්පියෙකු ලෙස කැපවීම.
1998 බංගලාදේශයේ ඩකා නුවර පැවති ප‍්‍රථම ආසියානු සංගීත උළෙලට ලංකාව නියෝජනය කරමින් සංස්කෘතික කණ්ඩායමක් මෙහෙයවීම.
1999 ප‍්‍රථම කැසට් පටය “අහසේ ඉන්නවලූ” නොවැම්බර් 27 දින (එතුමාගේ 60 වන ජන්ම දිනය දා) ජෝන් ද සිල්වා සමරු රඟහලේදී එළි දැක්වීම.
2000 බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේදී, තාලම ජාතික පදනම නමින් ජන සංගීතය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පාඨමාලා ආරම්භ කිරීම.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ළමා ගී කැසට් පටයක් නිකුත් කිරීම.
ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයේ ජන ගී අනුමණ්ඩලය, ළමා නාට්‍ය අනුමණ්ඩලය හා රූකඩ නාට්‍ය අනුමණ්ඩල වල සාමාජිකයෙකු හා උපදේශකවරයෙකු ලෙසක්‍රියාකාරීව සේවය කිරීම.
කරාටේ ජෝ, චිත‍්‍රපටයෙන් සංගීත අධ්‍යක්ෂක පදවි ලැබ සිනමාවට එක්වීම හා වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙක්, රංගන ශිල්පියෙක් ලෙස කලා කටයුතුවලට දායක වීම.
රූපවාහිනිය සඳහා මල් මල් වාරම්, ළමා ගී ජන ප‍්‍රසංගනී, මායාලීලා, පිලේ පැදුර, වැනි නිර්මාණාත්මක සංගීත වැඩසටහන් නිර්මාණය කිරීම.
එතුමාගේ දෙවන කැසට් පටය වන, ගම අවුලඤ්ඤං, පර්යේෂණාත්මක ගීත එකතුව සඳහා සියළු කටයුතු සූදානම් කරමින් සිටියදී 2002 නොවැම්බර් 13 වන දින මුළු මහත් ජාතියක්ම හඩවමින් එතුමා මෙලොවින් සමුගත්තේ ය.
2003 නොවැම්බර් 27 වන දින, එතුමාගේ 64 වන ජන්ම දිනය දා ලයනල් රන්වලයන් පෙරුම් පිරූ, ගම අවුලඤ්ඤං, පර්යේෂණාත්මක ගීත එකතුව එළි දැක්විණ.
අප උපන් රට, අප අයත් දැය, අප සුරකින සමය මෙන්ම අපේ අනන්‍යතාවය සලකුණු කොට පෙන්වා දෙනු ලබන අපේකම රැකගෙන පෝෂණය කරමින් නංවා තැබීමට තම සහජ ශක්තිය වූ කලා නිර්මාණ කුසලතාවන් පමණක් නොව මුළු ජීවිතයම පුදා කටයුතු කළ ලයනල් රන්වල නම් අද්විතීය ගණයේ දේශපේ‍්‍රමියා අප අතරින් රූපය වශයෙන් සදහටම වෙන් ව ගියත් ඔහුගේ සේවය අදට මෙන්ම හෙටටද ජීවමානය.
ජාතික සංගීතයක් උදෙසා රන්වල පදනම
ජන සංගීතය තුළින් ජාතික සංගීතයක් බිහි කිරීම ලයනල් රන්වලයන්ගේ අරමුණ විය.
ජාතියකට භාෂාවක්, ඇඳුමක්, කොඩියක්, නැටුමක් මෙන්ම සංගීතයක් තිබීමත් වැදගත් ය.
දේශීය කලාව යනු නූතන ලෝකය තුළ තම රටෙහි අනන්‍යතාවය තහවුරු කිරීමේ හැඳුනුම්පතයි.
තම රටට ආවේනික ජාතික සංගීතයක් බිහිකර ගැනීම පිළිබඳව ප‍්‍රකට බටහිර සංගීතඥ ජෝන් තල්ෂෝ මෙසේ ප‍්‍රකාශ කර ඇත.
“දියුණු යැයි සම්මත කවර සංගීත ක‍්‍රමයකට වුවද මූල ධාතුව වූයේ ජන සංගීතයයි. අපරදිග රටවලට පොදු බටහිර සංගීත ක‍්‍රමය තුළින් ඒ ඒ ජාතීන් වෙන් වෙන්ව කැපී පෙනෙන සේ සිය ජාතික සංගීතය සකස් කර ගැනීමට අද වනතුරා උපයෝගී කොට ගන්නේ ඔවුන්ගේ ජන ගීයයි. ජාතික සංගීතයක් වශයෙන් කැපී පෙනෙන්නට නම් සංගීතයේ ජාතිකත්වය ඒ ජාතියේ නොහොත් රටෙහි ජන සංගීතයන් සම්ප‍්‍රදායන් හා සම්බන්ධ විය යුතු බව කිසි කලෙක ප‍්‍රතික්ෂේප කළ නොහැක.”
මෙහිදී විදේශ සංගීත ක‍්‍රමවේදයන් අධ්‍යයනය කර ඒවායින් ගත හැකි ශිල්ප ක‍්‍රම සූක්ෂමව උකහා ගැනීම දියුණු තාක්ෂණික ක‍්‍රම භාවිතා කිරීම ගැටලූවක් නොවනු ඇත. ගැටලූව වන්නේ හින්දුස්ථානී රාගධාරී සංගීතය උගත් අය තමන් ඉගෙන ගත් දෙයම එසේම වැපිරීම මිස එතුළින් දේශීය සංගීතයක් දියුණු කිරීමට උත්සාහ නොකිරීම සහ බටහිර සංගීතය උගත් අය ජන සංගීතය පිළිබඳව දක්වන ඍණාත්මක ආකල්පයයි.
අප සතු දේ සුළු කොට තැකීම අප බොහෝ දෙනෙකුගේ ලක්ෂණය වුවත් වරක් ලංකාවට පැමිණි ලෝක පූජිත සංගීතඥ රවි ශංකර් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවති පුවත්පත් සාකච්ඡාවකදී ශ‍්‍රී ලංකාවේ ජන ගීය තුළින් ජාතික සංගීතයක් ගොඩ නැගීම පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීය.
“ගැමි ගීය ලාංකීය සංගීතයේ පදනමයි. මෙරට දේශීය සංගීතයක් බිහි කිරීම සඳහා එම ගැමි ගී පදනම කරගත හැකියි. නියම දේශීය සංගීතයක් බිහි කිරීම සඳහා පෙරමුණ ගැනීම දක්ෂ සංගීතඥයකු සතු ජාතික වගකීමයි”
ජාතික සංගීතයක් උදෙසා වූ සැලැස්ම
ජාතික සංගීතයක් බිහිකර ගැනීම උදෙසා ජනගීය යොදා ගැනීම කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් යටතේ සිදු කළ යුතුය.
ජාතික සංගීතයක් ගොඩ නැගීමේ දී ලොව වෙනත් රටවල් අනුගමනය කළ සිව් වැදෑරුම් ක‍්‍රමවේද දක්නට ඇත.
  1. ජන සංගීත පර්යේෂණ
  2. අධ්‍යාපන පද්ධතිය තුළට ජනසංගීතය ඇතුළත් කිරීම
  3. නිර්මාණ සඳහා ජන ගී යොදා ගැනීම
  4. ජනමාධ්‍ය ඔස්සේ ජන ගී ප‍්‍රචාරය කිරීම
ජන ගීය නැංවීමේ සොලොස් මහා වැඩපිළිවෙල
  1. ජන ගී මධ්‍යස්ථානයක් ඇරඹීම.
  2. නිවැරදි නාදමාලා ඇති ජන ගී සංයුක්ත තැටි හා ඊට සමගාමීව ප‍්‍රස්තාර ද සහිත ජන සංගීත ග‍්‍රන්ථ ප‍්‍රකාශයට පත් කිරීම.
  3. රූපවාහිනී ගුවන් විදුලිය තුළින් ආකර්ෂණීය වැඩසටහන් විකාශ කිරීම.
  4. අන්තර්ජාලය ඔස්සේ ජන සංගීතය පිළිබඳ ව ප‍්‍රචාරයක් ලබා දීම.
  5. මාතෘ සායන වලට එන මව්වරුන් දැනුවත් කිරීම.
  6. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල නියුතු අය දැනුවත් කිරීම.
    • පෙර පාසල් ගුරුවරියන්
    • සංස්කෘතික මධ්‍යස්ථානයන්හි සංගීත ගුරුවරියන්
    • ප‍්‍රාථමික අංශ ගුරුවරුන්
    • දහම් පාසල් ගුරුවරුන්
    • පාසල් සංගීත ගුරුවරුන්
  7. පෙර පාසල් හා පාසල් අධ්‍යාපනය තුළට ජන සංගීතය පුළුල් වශයෙන් ඇතුළත් කිරීම.
  8. උසස් අධ්‍යාපන ආයතන වල විෂය නිර්දේශ තුළින් ජන සංගීතයට පිළිගැනීමක් ලබා දීම.
  9. ජාතික ජන සංගීත දිනයක් නම් කිරීම සහ එම දිනයට අදාලව රට පුරා පාසල් කලායතන ආශ‍්‍රිත වැඩමුළු, දේශන පවත්වමින් දරු දැරියන් තුළ උද්යෝගයක් සහ දැනුවත්භාවයක් ඇති කිරීම.
  10. වසරකට වරක් වසරේ හොඳම ජන ගී ගායන ශිල්පියා ශිල්පිනිය ජන ගී ඇසුරෙන් කෙරෙන හොඳම නිර්මාණය තෝරා ඇගයීම එම තරඟ සඳහා ඉදිරිපත් වන ශිල්පීන්ට ජන සංගීත වැඩමුළු පැවැත්වීම.
  11. තරුණයින් වෙත ජන ගීය ගෙන යාමට තරුණයින් හා සම්බන්ධ ආයතන හරහා පියවර ගැනීම.
  12. ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ඩබ්. බී. මකුලොළුව, ලයනල් රන්වල , සී. ද . එස්. කුලතිලක හා අප පදනම විසින් පටිගත කොට ලබා දී ඇති ජන ගී ජනතාව වෙතට ගෙනයාමේ වැඩපිළිවෙලක් ඇරඹීම. ඒ සඳහා සියලූ ක‍්‍රමෝපායන් භාවිත කළ හැක.
  13. ජාතික ජන ගී කණ්ඩායමක් හා පළාත් ජන ගී කණ්ඩායම් ඇති කිරීම.
  14. විදෙස් රටවල ජන සංගීතවේදීන්ගේ සංදර්ශන මෙරට පැවැත්වීමට කටයුතු කිරීම සහ ඊට සමගාමීව විදෙස් රටවල අප සංදර්ශන පැවැත්වීම.
  15. ජන සංගීත පර්යේෂකයන්ට, සංගීතවේදීන්ට වෘත්තීයභාවයක් ලබා දීම.
  16. සංචාරකයින් අරමුණු කරගෙන හෝටල් සහ සංචාරක කලාප වල ජන ගී සංදර්ශන ඉදිරිපත් කිරීම.
Copyright © 2017-2020 Ranwala Foundation. All rights Reserved.
Website Designed & Developed by theidealine.