rkaj, n,ldh
80 දශකයේ | – | ලයනල් රන්වලයන් ජන සංගීතය සමාජගත කරලීම උදෙසා ගම් නියම්ගම් වල සැරිසරද්දී වාදනයෙන් හා ගායනයෙන් ඊට අත්වැල් සපයමින් එක් වූ ශිල්පීන් කිහිපපොලක් විය. | |
---|---|---|---|
90 දශකයේ | – | 90 දශකය වන විට පාං කිරිත්තී, මිතුරු සරෝරුහ, මේ අවුරුදු කාලේ වැනි ප‍්‍රාසාංගික අංග ද ඊට එක් විය. මීට සම්බන්ධ වූ පිිරිස රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී ඔස්සේ වැඩසටහන් වල රන්වලයන්ට ගායනයෙන්, රංගනයෙන් සහය විය. | |
1998 | – |
ප‍්‍රථම Music Video 3 (ගීත රූප රචනා 3) 1998.04.05 ස්වර්ණවාහිනීය මගින් La Kandiyan (වර්තමානයේ Amaya Hills) හිදී ගීත 3 – වන්නම් සව්දම්, පාං කිරිත්තී, මේ අවුරුදු කාලේ විධායක අධ්‍යක්‍ෂ – රොස්මන්ඞ් සේනාරත්න, අධ්‍යක්‍ෂණය – බණ්ඩාර ජයතිලක |
|
1999 | – | ප‍්‍රථම ගීත එකතුව (අහසෙ ඉන්නවලූ) එළි දැක්වීම 1999 නොවැම්බර් 27 (ලයනල් රන්වලයන්ගේ 60 වන ජන්ම දිනය දා) උදෑසන 10 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී අරාටු මැඩිල්ලේ ගෙදර උක්කු බණ්ඩා නම් ගැමි ජන කවියාගේ ප‍්‍රධානත්වයෙන්. | |
2000 | – |
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජන ගී සහ ප‍්‍රාසාංගික කලා පාඨමාලාව බත්තරමුල්ල පැලවත්ත ජනකලා කේන්ද්‍රයේදී (වර්තමානයේ “අපේ ගම”) ආරම්භ විය. ස්තූතිය : ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න. |
|
2002 | – | 2002 නොවැම්බර් 17 දින, ලයනල් රන්වලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව රැස්වුණු හිතවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අඛණ්ඩව එතුමාගේ කාර්යභාරය කරගෙන යාමට එකඟ වීම. | |
රන්වලයන්ගේ අභාවයෙන් පසු |
|||
2002 | – | රන්වල කණ්ඩායම ප‍්‍රථම වරට රූපවාහිනී වැඩසටහනක අංගයක් ඉදිරිපත් කිරීම 2002.12.31 ස්වර්ණවාහිනී 31st night වැඩසටහන (හායි බායි ගීතය, අධ්‍යක්‍ෂණය : හේමනලින් කරුණාරත්න මහතා). | |
2003 | – |
රන්වල කණ්ඩායම ප‍්‍රථම සංදර්ශණය 2003 ජනවාරි (නිල නොවන) කණ්ඩායමට ලයනල් රන්වලයන් නොමැතිව සංදර්ශණයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතිදැයි ස්ව අවබෝධයක් ලබා ගැනීමට ප‍්‍රසිද්ධ නොකර පැවැත්වීය. ස්ථානය : දෙහිවල එස් ද. එස් ජයසිංහ රඟහල සංවිධානය : අජිත් දේවපුර. |
|
ප‍්‍රථම ප‍්‍රසිද්ධ සංදර්ශණය : 2003 නොවැම්බර් 27 සවස 6.30 ට “ගම අවුලඤ්ඤං” ගීත එකතුව එළි දැක්වීම ජෝන්ද සිල්වා සමරු රඟහලේදී , ඌරුවරිිගේ වන්නිලා ඇත්තන්ගේ ප‍්‍රධානත්වයෙන්, අතිවිශාල පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයෙන්. |
|||
2006 | – |
ප‍්‍රථම විදෙස් සංචාරය : 2006 දී “ගම අවුලඤ්ඤං” සමඟ ඩුබායි, අබුඩාබි (UAE) හි 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්. සංවිධානය : හෙළබිම සංවිධානය |
|
ඉන් අනතුරුව මේ වන විට : එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, චීනය, ඉන්දියාව, සයිප‍්‍රස්, බහරේන්, දෝහ කටාර්, කුවේට්, කොරියාව, ඉතාලිය, සී-ෂෙල්ස් යන රටවල සංචාර සඳහා සහභාගී වී ඇත. |
|||
2007 | – | ලයනල් රන්වල ජන ගී කණ්ඩායම සෙංකඩගල ජන ගී කණ්ඩායම, මතු පරපුර එක්කොට රන්වල බලකාය බිහි කිරීම සහ “යුද්දෙටත් ඇවිත්” එළි දැක්වීම 2007 මාර්තු BMICH හිදී. | |
2007 අගෝස්තු “පොඩි අයට ජන ගී” සංදර්ශණ ආරම්භය බොරැල්ල පුංචි තියටර් හිදී (රන්වල පදනමේ පාඨමාලාව කරන දරුවන්ගේ දක්‍ෂතා එළි දැක්වීමට) | |||
2008 | – |
2008 ජනවාරි “ගම අවුලඤ්ඤං” 500 වැනි දර්ශණය BMICH හිදී
“ගම අවුලඤ්ඤං” රූපමය සංයුක්ත තැටිය ද එළි දැක්විණ. ඒ අනුව මෙතෙක් : අහසෙ ඉන්නවළු ගම අවුලඤ්ඤං යුද්දෙටත් ඇවිත් පොඩි අයට ජන ගී ගම අවුලඤ්ඤං VCD අපේ අවුරුද්දට අපේ ගායනා ත‍්‍රී අවුරුදු පොඩි අයට අවුරුදු යක්කු බොලව් සංයුක්ත තැටි එළි දක්වා ඇත. |
|
2011 | – | චීනයේ ෂැන්ජියාජි නුවරදී ලොව හොඳම ප‍්‍රාසාංගික ජන ගී කණ්ඩායම ලෙස තේරී පත්වීම. | |
2012 | – |
ඉන්දියාව තුල නැවත බුදු දහම ප‍්‍රචලිත කරලීම උදෙසා 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ දැවැන්ත බෞද්ධ සංස්කෘතික සංදර්ශණ 5 කට සහභාගිී වීම. ආරාධනය : අතුරලියේ රතන හිමි. |
|
“ගයමු” ආරම්භය | – |
2017 මාර්තු සිට මනා රසවින්දනයෙන් යුතු ගීත වර්තමානයේදී ඇසීමට සැලසීම උදෙසා ඇරඹූ “ගයමු” 2015 දක්වා BMICH කමතේ ද, ඉන් අනතුරුව නිදහස් චතුරස‍්‍රයේ ද, නොමිලේ සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වේ. සහයෝගය : ආරම්භයේදී, බන්දුල ඒකනායක මහතා (අධ්‍යක්‍ෂ ජනරාල් BMICH), අනූෂා ගෝකුල මහත්මිය (සංස්කෘතික අධ්‍යක්‍ෂිකා) |
|
රන් සළකුණ | – | ලයනල් රන්වල වාර්ෂික ජන්ම දින සැමරුම් උළෙල 2012 නොවැම්බර් 27 සිට සෑම වසරකටම වරක් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී කණ්ඩායමේ වත්මන් සහ පැරණි ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. | |
“ගම අවුලඤ්ඤං” 999 දර්ශණය 2018/03/30 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී කණ්ඩායමේ පැරණි ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්. | |||
“ගම අවුලඤ්ඤං” 1000 දර්ශණය 2018/06/22 දින මාතර මන්තින්ද පිරිවෙනේදී. | |||
බලකායේ ගී මානය | – | 2016 ලංකාවේ ප‍්‍රථම ජන සංගීතමය ගීත දර්ශකය (Chart Show) “බලකායේ ගී මානය” ඇරඹීම. මේ වන විට “ආයුබෝ වේවා” නමින් A plus නාලිකාවේ විකාශය වේ. | |
2020 අස්වැද්දුම | – |
ජන සංගීත ක්‍ෂේත‍්‍රය අස්වැද්දීමට ජන සංගීතමය ප‍්‍රශ්න විචාරාත්මක විනෝදාත්මක වැඩසටහන් මාලාවට 2007 වසරේ TV ලංකා හි විකාශ කිරීම. අධ්‍යක්‍ෂණය : සුරංග සෙනෙවිරත්න |
|
රන්වල පදනමේ ශාඛාවන් | – | ප‍්‍රථම ශාඛාව මහනුවරදී 2004 – 2007 ක‍්‍රියාත්මක වියx වර්තමානයේ ගාල්ල (2015 සිට), ගම්පහ (2016 සිට), කුරුණෑගල (2017 සිට) ශාඛා ක‍්‍රියාත්මක ය. | |