රන්වල බලකාය

rkaj, n,ldh

80 දශකයේ ලයනල් රන්වලයන් ජන සංගීතය සමාජගත කරලීම උදෙසා ගම් නියම්ගම් වල සැරිසරද්දී වාදනයෙන් හා ගායනයෙන් ඊට අත්වැල් සපයමින් එක් වූ ශිල්පීන් කිහිපපොලක් විය.
90 දශකයේ 90 දශකය වන විට පාං කිරිත්තී, මිතුරු සරෝරුහ, මේ අවුරුදු කාලේ වැනි ප‍්‍රාසාංගික අංග ද ඊට එක් විය. මීට සම්බන්ධ වූ පිිරිස රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී ඔස්සේ වැඩසටහන් වල රන්වලයන්ට ගායනයෙන්, රංගනයෙන් සහය විය.
1998 ප‍්‍රථම Music Video 3 (ගීත රූප රචනා 3) 1998.04.05 ස්වර්ණවාහිනීය මගින් La Kandiyan (වර්තමානයේ Amaya Hills) හිදී
ගීත 3 – වන්නම් සව්දම්, පාං කිරිත්තී, මේ අවුරුදු කාලේ
විධායක අධ්‍යක්‍ෂ – රොස්මන්ඞ් සේනාරත්න, අධ්‍යක්‍ෂණය – බණ්ඩාර ජයතිලක
1999 ප‍්‍රථම ගීත එකතුව (අහසෙ ඉන්නවලූ) එළි දැක්වීම 1999 නොවැම්බර් 27 (ලයනල් රන්වලයන්ගේ 60 වන ජන්ම දිනය දා) උදෑසන 10 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේදී අරාටු මැඩිල්ලේ ගෙදර උක්කු බණ්ඩා නම් ගැමි ජන කවියාගේ ප‍්‍රධානත්වයෙන්.
2000 ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජන ගී සහ ප‍්‍රාසාංගික කලා පාඨමාලාව බත්තරමුල්ල පැලවත්ත ජනකලා කේන්ද්‍රයේදී (වර්තමානයේ “අපේ ගම”) ආරම්භ විය.
ස්තූතිය : ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න.
2002 2002 නොවැම්බර් 17 දින, ලයනල් රන්වලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව රැස්වුණු හිතවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අඛණ්ඩව එතුමාගේ කාර්යභාරය කරගෙන යාමට එකඟ වීම.

රන්වලයන්ගේ අභාවයෙන් පසු
2002 රන්වල කණ්ඩායම ප‍්‍රථම වරට රූපවාහිනී වැඩසටහනක අංගයක් ඉදිරිපත් කිරීම 2002.12.31 ස්වර්ණවාහිනී 31st night වැඩසටහන (හායි බායි ගීතය, අධ්‍යක්‍ෂණය : හේමනලින් කරුණාරත්න මහතා).
2003 රන්වල කණ්ඩායම ප‍්‍රථම සංදර්ශණය 2003 ජනවාරි (නිල නොවන) කණ්ඩායමට ලයනල් රන්වලයන් නොමැතිව සංදර්ශණයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතිදැයි ස්ව අවබෝධයක් ලබා ගැනීමට ප‍්‍රසිද්ධ නොකර පැවැත්වීය.
ස්ථානය : දෙහිවල එස් ද. එස් ජයසිංහ රඟහල
සංවිධානය : අජිත් දේවපුර.
ප‍්‍රථම ප‍්‍රසිද්ධ සංදර්ශණය :
2003 නොවැම්බර් 27 සවස 6.30 ට “ගම අවුලඤ්ඤං” ගීත එකතුව එළි දැක්වීම ජෝන්ද සිල්වා සමරු රඟහලේදී , ඌරුවරිිගේ වන්නිලා ඇත්තන්ගේ ප‍්‍රධානත්වයෙන්, අතිවිශාල පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයෙන්.
2006 ප‍්‍රථම විදෙස් සංචාරය :
2006 දී “ගම අවුලඤ්ඤං” සමඟ ඩුබායි, අබුඩාබි (UAE) හි 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්.
සංවිධානය : හෙළබිම සංවිධානය
ඉන් අනතුරුව මේ වන විට :
එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, චීනය, ඉන්දියාව, සයිප‍්‍රස්, බහරේන්, දෝහ කටාර්, කුවේට්, කොරියාව, ඉතාලිය, සී-ෂෙල්ස් යන රටවල සංචාර සඳහා සහභාගී වී ඇත.
2007 ලයනල් රන්වල ජන ගී කණ්ඩායම සෙංකඩගල ජන ගී කණ්ඩායම, මතු පරපුර එක්කොට රන්වල බලකාය බිහි කිරීම සහ “යුද්දෙටත් ඇවිත්” එළි දැක්වීම 2007 මාර්තු BMICH හිදී.
2007 අගෝස්තු “පොඩි අයට ජන ගී” සංදර්ශණ ආරම්භය බොරැල්ල පුංචි තියටර් හිදී (රන්වල පදනමේ පාඨමාලාව කරන දරුවන්ගේ දක්‍ෂතා එළි දැක්වීමට)
2008 2008 ජනවාරි “ගම අවුලඤ්ඤං” 500 වැනි දර්ශණය BMICH හිදී “ගම අවුලඤ්ඤං” රූපමය සංයුක්ත තැටිය ද එළි දැක්විණ.
ඒ අනුව මෙතෙක් :
අහසෙ ඉන්නවළු
ගම අවුලඤ්ඤං
යුද්දෙටත් ඇවිත්
පොඩි අයට ජන ගී
ගම අවුලඤ්ඤං VCD
අපේ අවුරුද්දට අපේ ගායනා
ත‍්‍රී
අවුරුදු
පොඩි අයට අවුරුදු
යක්කු බොලව්
සංයුක්ත තැටි එළි දක්වා ඇත.
2011 චීනයේ ෂැන්ජියාජි නුවරදී ලොව හොඳම ප‍්‍රාසාංගික ජන ගී කණ්ඩායම ලෙස තේරී පත්වීම.
2012 ඉන්දියාව තුල නැවත බුදු දහම ප‍්‍රචලිත කරලීම උදෙසා 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ දැවැන්ත බෞද්ධ සංස්කෘතික සංදර්ශණ 5 කට සහභාගිී වීම.
ආරාධනය : අතුරලියේ රතන හිමි.
“ගයමු” ආරම්භය 2017 මාර්තු සිට මනා රසවින්දනයෙන් යුතු ගීත වර්තමානයේදී ඇසීමට සැලසීම උදෙසා ඇරඹූ “ගයමු” 2015 දක්වා BMICH කමතේ ද, ඉන් අනතුරුව නිදහස් චතුරස‍්‍රයේ ද, නොමිලේ සෑම මසකම අවසන් සෙනසුරාදා පැවැත්වේ.
සහයෝගය : ආරම්භයේදී, බන්දුල ඒකනායක මහතා (අධ්‍යක්‍ෂ ජනරාල් BMICH), අනූෂා ගෝකුල මහත්මිය (සංස්කෘතික අධ්‍යක්‍ෂිකා)
රන් සළකුණ ලයනල් රන්වල වාර්ෂික ජන්ම දින සැමරුම් උළෙල 2012 නොවැම්බර් 27 සිට සෑම වසරකටම වරක් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී කණ්ඩායමේ වත්මන් සහ පැරණි ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
“ගම අවුලඤ්ඤං” 999 දර්ශණය 2018/03/30 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී කණ්ඩායමේ පැරණි ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්.
“ගම අවුලඤ්ඤං” 1000 දර්ශණය 2018/06/22 දින මාතර මන්තින්ද පිරිවෙනේදී.
බලකායේ ගී මානය 2016 ලංකාවේ ප‍්‍රථම ජන සංගීතමය ගීත දර්ශකය (Chart Show) “බලකායේ ගී මානය” ඇරඹීම. මේ වන විට “ආයුබෝ වේවා” නමින් A plus නාලිකාවේ විකාශය වේ.
2020 අස්වැද්දුම ජන සංගීත ක්‍ෂේත‍්‍රය අස්වැද්දීමට ජන සංගීතමය ප‍්‍රශ්න විචාරාත්මක විනෝදාත්මක වැඩසටහන් මාලාවට 2007 වසරේ TV ලංකා හි විකාශ කිරීම.
අධ්‍යක්‍ෂණය : සුරංග සෙනෙවිරත්න
රන්වල පදනමේ ශාඛාවන් ප‍්‍රථම ශාඛාව මහනුවරදී 2004 – 2007 ක‍්‍රියාත්මක වියx වර්තමානයේ ගාල්ල (2015 සිට), ගම්පහ (2016 සිට), කුරුණෑගල (2017 සිට) ශාඛා ක‍්‍රියාත්මක ය.
Copyright © 2017-2020 Ranwala Foundation. All rights Reserved.
Website Designed & Developed by theidealine.